ජර්මනියේ බර්ලින් නුවර පැවැති  ගෘහස්ථ මලල ක්‍රීඩා තරඟාවලියේ වේගවත්ම ක්‍රීඩකයින් අතර 6 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණි.

මෙම තරඟාවලිය යුපුන් සහභාගී වු ලොව පුමුඛ පෙළේ ගෘහස්ත මලල ක්‍රීඩා තරඟාවලිය වේ.

මීටර් 60 ඉසව්වේ ලෝව වේගවත්ම ක්‍රීඩයන්ගේ සහභාගීත්වයෙන් පැවැති එම තරඟාවලියේ මීටර් 60 ඉසව්වේ මූලික වටයේ තරඟයෙන් තත්පර 6.66ක දක්ෂතාවයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.

ඒ අනුව යුපුන් අබේකෝන් පෙබරවාරි 9 වැනිදා ප්‍රංශයේ පැවැත්වෙන තවත් ගෘහස්ථ මලල ක්‍රීඩා තරඟාවලියකට සහභාගී වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here