ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුන නිර්නාමික ලිපියක් හේතුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ ආරක්ෂාව තර කර ඇතැයි සඳහන් අසත්‍ය පුවතක් මේ වනවිට සමාජයේ හුවමාරු වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයෙන් කළ විමසීමකදී දැනගන්නට ලැබුනේ ප්‍රාහරයක් සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් ලැබී නොමැති බවත් කොරෝනා වසංගතය හේතුවෙන් සිද්ධස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බවයි.

කෙසේ වෙතත් අදාල අසත්‍ය පුවත බෙදාහැරි පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එබැවින් මෙවැනි අසත්‍ය පුවත් වලට නොරැවටෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here