අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වාහන 100කට ආසන්න සංඛ්‍යාවක් එකමත එක අනතුරට ලක්වී තිබෙනවා.
හිමපතනයන් හේතුවෙන් මාර්ගයේ ඇතිවී තිබෙන ලිස්සා යාමේ තත්ත්වය නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කළේ.
අමෙරිකාවේ – ෆෝර්ට් වර්ත් හි පිහිටි ටෙක්සාස් සිට ඩලස් දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර 50 ක් ප්‍රමාණයක් මෝටර් රථ 100කට අධික සංඛ්‍යාවක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර නිසා පුද්ගලයින් රැසක් වාහන තුල සිරවී සිටින බවත් ඔවුන් බේරා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවයි ප්‍රාදේශීය ගිනිනිවීම් සහ හදිසි ප්‍රතිචාර ඒකකය සඳහන් කළේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here